කටාර් ගුවන් සේවය ලංකාවට කරන ගුවන් ගමන් වැඩි කරයි


කටාර් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කටුනායක සහ කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළ අතර ගුවන් ගමන් දිනකට වාර 05 දක්වා වැඩි කර තිබේ.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ සිට කටාර් ගුවන් සේවයේ පහසුකම් ලබා ගන්නා ගුවන් මගීන්ට දෝහා සිට ලොව පුරා ගමනාන්ත 160 ක් කරා ගමන් ගැනීමට පහසුකම් හිමිවේ.

මෙසේ කටාර් ගුවන් සේවය දිනකට ගුවන් ගමන් වාර 05 දක්වා වැඩි කිරීම නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සතියකට ගුවන් මගීන් 21,000 ක් හැසිරවීම සිදු කරන බව ගුවන් තොටුපොළ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.



Recommended Articles