කටාරයේ ගෘහ සේවයට ගොස් යළි මව්බිමට එද්දී ගුවන් යානය තුළදී අවසන් හුස්ම හෙළයි


කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර  ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී , ගුවන් යානය තුළම මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

ඇය මොරටුව , කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි අවිවාහක  කාන්තාවකි .

ඇය 10/23 දින අලුයම 01.17 ට  කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එම  ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබිය  දී  මෙම මරණය සිදු වී තිබේ .

ඉන්පසුව මෙම මළසිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු සහ පොලිස් කොස්තාපල් 98085 මධුවන්ත යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .



Recommended Articles