කටානේ සිද්ධියට සිවුදෙනෙක් අත්අඩංගුවට


කටාන, අක්කරපනහ ප්‍රදේශයේ දී රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් 30 වනදා 6 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනිඅවි පෙන්වා මෙම කොල්ලකෑම සිදුකර තිබුණි.

පොලීසිය පැවසුවේ කොල්ලකරුවන් නිල් පැහැති කුඩා මෝටර් රථයක සහ යතුරුපැදි දෙකක නැගී එම ස්ථානයෙන් පලාගොස් ඇති බවය. 

 



Recommended Articles