කංජිපානි ඉම්රාන්ගේ සිර කුටියෙන් ජංගම දුරකථන හමුවිම ගැන පරික්ෂණ


බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානී ඉම්රාන් නැමැත්තාගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් , චාජරයක් හා සිම්පත් 4 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කරනු ලැබුවේ ඊයේ (01) අලුයම් කාලයේදීය.

 



Recommended Articles