කංචන තවත් දැඩි තීරණ කිහිපයක්ම ගනියි


සියලුම ඉන්ධන පිරවුම්හල් තම ටැංකි ධාරිතාවයෙන් සියයට 50%ක තොගයක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත් ජාතික ඉන්ධන බලපත්‍රය (QR කෝටාව) අනුගමනය නොකළ ඉන්ධන පිරවුම්හල් 40ක මෙහෙයුම් කටයුත අත්හිටුවීමට පියවර ගත් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

එසේම අප්‍රේල් 15 වනදා වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලුම ඉන්ධන බවුසර් සඳහා සඳහා GPS  පද්ධති සවි කෙරෙන බවත් සියලුම පුද්ගලික ඉන්ධන බවුසර්ද මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමණාකාරිත්ව හා නිලධාරීන් සමග අද පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම තීරණ ගෙන තිබේ.

එසේම මෙහිදී ඉදිරි සති 8 සඳහා ඉන්ධන ගෙනඒමේ ප්‍රවාහන සැලැස්ම, පිරිපහදු මෙහෙයුම් සහ උත්සව සමයේ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් සමාලෝචනයකට ලක්කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles