ඖෂධ ජාවාරම වත්මන් රජයටත් නවතා දැමීමට නොහැකියි - GMOA


හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ ආරම්භ වූ ඖෂධ ජාවාරම වර්තමාන ආණ්ඩුවට නවතා දැමීමට තවමත් නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

පසුගිය ආණ්ඩු සමයේදී ඖෂධ හිඟයක් තිබෙන බවට පෙන්වාදුන්නත් පසුගිය ආණ්ඩුව එය පිළි නොගත් බවත් මේ නිසා ප්‍රශ්නය උත්තරයක් නොලැබුණු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

ඖෂධ හිඟයක් තිබෙන බවට වර්තමාන ආණ්ඩුවට පෙන්වා දුන් පසු එය පිළිගැනීමට ආණ්ඩුව කටයුතු කළත් ඖෂධ හිඟයට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මේ නිසා ඖෂධ ගැටළුව විසඳීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙන බවද කියා සිටියේය.

 



Recommended Articles