ඖෂධ අධිමාත්‍රාවක් ගෙන පේරේ සිසුවිය දිවි නසාගනියි


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධිමාත්‍රාවක් ගෙන සියදිවි හානි කරගෙන ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි .

එම සිසුවිය ඊයේ (28දා) රාත්‍රී ඇය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය තුළ කිසියම් රෝගී තත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (01) පෙරවරුවේමියගොස් තිබේ .

මියගිය ශිෂ්‍යයාව විනෝදි ද සිල්වා නැමැති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇය කලක් තිස්සේ මහන්සික ආතතියට ප්‍රතිකාර ලබාගත් ශිෂ්‍යාවක් බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි .

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles