ඕස්ට්‍රේලියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 236 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (1) දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් මෙම පිරිස අද දින සවස 6.15 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර තිබේ.

 



Recommended Articles