ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට තැත්කළ 21ක් කොටුවෙයි


මඩකලපුවේ සිට  ඕස්ට්‍රේලියාවට යාමට තැත්කල 21 දෙනෙකු  අද (19දා) උදේ නාවික හමුදාව විසින් අල්ලා කාත්තාන්කුඩි පොලිසියට බාර දුන් බව ස්ථානාධිපති දුමින්ද නයනසිරි මහතා පවසයි.

අද උදෑසන  මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමේ පුදුකුඩියිරුප්පු මුහුදෙන් ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින්  යාමට සූදානම් වී සිටියදී අත්අඩංගුවටගෙන ඇත. අත්අඩංගුවට පත්වුවන්ගෙන් සිව්දෙනෙකු කාන්තාවන් වේ.

අත්අඩංගුවේ පසුවන පසුවන පුද්ගලයින් මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මඩකලපුව  ටී එල් ජව්ෆර්කාන්



Recommended Articles