ඕමානයේ සිට හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට


ඕමානයේ රැකියා සදහා ගොස් ,එහිදී විවිධ හිරිහැර , කරදර වලට ලක් වී මෙරටට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු  01/16 දින උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාළය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණ ඇතැයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මේ ආකාරයට විදේශ රටවල රැදී සිටින මෙරට ශ්‍රමිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මොවුන් 01/15 දින සවස 4.45 ට ඕමානයේ මස්කට් සිට ශ්‍රී ලන්කන් ගුවන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පිවිසීමෙන් පසුව , එහි පිහිටි වෛද්‍ය රසායනාගාරය මගින් නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව  , රජය විසින් පවත්වා ගෙන යනු ලබන නීරෝධායන මධ්‍යස්ථාන වෙත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායනය සදහා  රැගෙන ගොස් තිබේ



Recommended Articles