ඕමාන සුරක්ෂා නිවසේ සිටි කතක් ජීවිතක්ෂයට


ඕමාන් රාජ්‍යයේ ගෘහ රුකියාවක් සඳහා විදේශ ගත වු කාන්තාවක් සේවා ස්ථානයේ ඇති වු ගැටළු හේතුවෙන් සුරක්ෂා නිවාසයේ සිට ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍යය කටයුතු සූදානම් කර තිබියදී  ඇති වු අසනීප තත්වයක් හේතූවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී ඊයේ දින මරණයට පත් වී ඇත.

මෙසේ  මිය ගොස් ඇත්තේ මහව  දලදාගම ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රානි සොයිසා නැමැති  55 වියැති කාන්තාවකි.

මෙම කාන්තාව 2021/11/11 දින ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශගත වී ඇති අතර,  සේවා ස්ථානයේ පැවති ගැටළු හේතුවෙන් 2022/11/28 දින ඕමාන් ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයට පැමිණ ඇත. 

ඉන් පසු 2023/01/01 දින ඇය ශ්‍රී ලංකාවට එවීම සඳහා  අවශ්‍යය කටයුතු කිරීමට ඕමානයේ කම්කරු අමාත්‍යාංශය වෙත යොමු කර ඇති අතර, එහිදී ඇය රෝගී වී රෝහල් ගත කර ඇත. ඇයගේ රෝගී තත්වය යම් පමණකට සුව වු පසු නැවත 2023/01/04 දින රෝහලෙන් පිට වු පසු කම්කරු  අමාත්‍යංශය වෙතින් නැවත සුරක්ෂා නිවාසයට භාර දීමට කටයුතු කර ඇත . 

ඇය ඒ අනුව ශ්‍රි ලංකාවට එවීම සඳහා 2023/01/05 දින ගුවන් තොටු පලට පැමිණි පසු නැවත ඇයගේ රෝගී තත්වය හේතුවෙන් ඇය  මෙරටට ගෙන ඒම සඳහා භාරගැනීම අදාල ගුවන් සමාඟම ප්‍රතික්ෂේප කර ඇත. ඉන් පසු ඇය නැවත 2023/01/06 දින ඕමානයේ හවාඩී රෝහලෙන් NMC රෝහලට සහ ඕමාන් රාජකීය  රෝහලේ දැඩිසත්කාර ඒකකයේ දින 5ක් අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන්නත් අවාසනාවන්ත ලෙස ඇය මියගොස් ඇත.   

රෝහල් ගාස්තු වශයෙන්   ඕමාන් රියාල්  1000 ක (රු 950,240.00 ) මුදලක්  ඕමාන ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අනුමත කර ඇත.

මෙම කාන්තාවගේ  දිවි බේරා ගැනීම සඳහා ඕමාන් තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් ඇය රෝහල් තුනකට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී ඇත. මෙලෙස මියගිය තැනැත්තියගේ දේහය ගෙන්වීමට අවශ්‍ය ඉදිරි කටයුතු අයගේ පවුලේ ඥාතීන්වෙත  සලසා දීමට ඕමාන් ශ්‍රීලංකා තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ කටයුතු අමාත්‍යංශය එක්වී ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා කටයුතු කරමින් සීටී.

 

 

 



Recommended Articles