ඔ්නෑම ආපදා අවස්ථාවකට මුහුණ දිම සඳහා අවශ්‍ය සියලු කටයුතු සුදානම්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණුද ඇතිවන බැවින් සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර අයහපත් කාලගුණයත් සමඟ ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

 



Recommended Articles