ඔස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මෙල්බර්න් නුවර සිට 8/21 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් මෙම ගුවන් යානයෙන් පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් සවස 3.35 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම ගුවන්  මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.



Recommended Articles