ඔස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (09දා) රාත්‍රී මෙල්බර්න් නුවර සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

රාත්‍රී 9.50 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීම සිදු කෙරුණි.



Recommended Articles