ඔස්ට්‍රේලියාවේ සිට ලාංකිකයන් 98ක් දිවයිනට


කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (19දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

 මෙම ගුවන් මගීන් පිරිස අතරින් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් වෙයි. මගීන් පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

 


Recommended Articles