ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් ( Richard Marles ) මහතා දෙදින නිල සංචාරයක් සදහා 06/02 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස 15 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ඒ.එස්.වයි.- 307 දරන විශේෂ ගුවන් යානයෙන් 06/02 දින රාත්‍රී 11.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එම පිරිස පිළිගැනීම සදහා මහජන ආරක්ෂක , පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මෙම ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස 06/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය .