ඔන්ලයින් ව්‍යාපාර සහ කුරියර් සර්විස් ලියාපදිංචිය අරඹයි


අන්තර්ජාලයෙන් භාණ්ඩ බෙදා හරින ආයතන , පුද්ගලයින් (Online Business ) සහ කුරියර් සර්විස් (Courier Services) ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

විශේෂයෙන්ම මෙම උත්සව සමයේ වැඩි වශයෙන් Online Business සිදුවන බැවින් මෙය නියාමනය කිරීමට මෙම තීරණය ගෙන ඇති බවත් විධාන අංක 91 යටතේ 2023 මැයි 17 නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව මෙය සිදු කරන බවද සඳහන් කළේය.

කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙක් ගුණත්වයෙන් තොර භාණ්ඩ පාරිභෝගිකයයාට අළෙවි කරන්නේ නම් ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කරන බවද පැවසුවේය.

ජනතාවට ලෙඩ රෝග ඇති කරන පිිළිකාකාරක ද්‍රව්‍ය අලෙවි කිරීමට මැදිහත් නොවන ලෙසද භාණ්ඩ බෙදා හරින ආයතන සහ පුද්ගයින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

2026 වසරේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් සහ විධිමත්ව ගන්නා බවත් පාරිභෝගික විස්වසනීයත්වය ඇති වෙළෙද පොළක් ඇති කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරනය කළේය.



Recommended Articles