ඔන්ලයින් පාඩම් නොකළ පුතා පියාගේ කොසු පහරින් මරුට


ඔන්ලයින් පාඩම්  නොකළ නිසා පියා විසින් කොසු මිටකින්  පහරදිමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි  16 හැවිරිදි පාසල් සිසුවකු අද (30) අළුයම මියගොස් ඇති  බව ගාල්ල පොලිසිය කියයි.

මෙසේ  මියගොස් ඇත්තේ ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි  11 වසර ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.  මොහු  පාඩම් වැඩ සිදුනොකිරිම නිසා  පියා විසින් කොසුමිටකින් මෙම පාසල් සිසුවාගේ හිසට පහරදි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි  ඇත.

ඊයේ (29) පස්වරු 3.00ට පමණ  මෙම සිද්ධිය වි ඇත. පසුව පාසල් සිසුවා විසින් තම හිස හිරිවැටි ඇති බව මවට ප්‍රකාශ කොට ඇත. පසුව පාසල් සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි අද (30) අළුයම පාසල් සිසුවා මියගොස්  ඇත. 

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පියා ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 49 හැවිරිදිවියේ පසුවන අයෙකි. ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

රවින්ද්‍ර ශ්‍රි ලාල්

 



Recommended Articles