ඔක්ෂ්ෆර්ඩ් ඉතාලි කොවිඩ් 19 ප්‍රති එන්නත් නොවැම්බර් මාසයේදි ඉතාලියට


ඔක්ෂ්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා ඉතාලි පර්යේෂකයන් එක්ව පර්යේෂණය කරමින් සොයාගෙන ඇති කොවිඩ්  19 එරෙහි පළමු එන්නත් තොගය නොවැම්බර් මාසය තුලදි ලැබිමට නියමිත බව   ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.                                                                              

මෙම කොවිඩ් 19 එන්නත ස්වෙජ්ජාවෙන් ඉදිරිපත් වු පුද්ගලයන් පණස් දහසකට එන්නත් කර පරික්ෂාවට ලක්කර ඇති බවත් ඇති වු සංකූලතා හා ගැටළු හඳුනාගෙන එම එන්නත තව දුරටත් වැඩි දියුණු කරමින් සිටින බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය 

ඊයේ (16) ඉතාලියේ PCR  පරික්ෂණ 100,607 ක් සිදු කර කොවිඩ් ආසාධිතයන් 1452 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

ඊයේ (16) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 12 ක් වාර්තා වි තිබේ.

චන්දන ප්‍රනාන්දු

 

                                                                                                                                                                                                              



Recommended Articles