ඔක්කම්පිටිය OIC යළි රිමාන්ඩ්


ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලබන 18 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (04දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙනු ලැබිණි. 

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ඔහුව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිණි.

 



Recommended Articles