ඒකාබද්ධය වෙන් කළ ක්‍රීඩාංගණ පහක් CMC දෙන්න බෑ කියයි


ජනබලය උද්ඝෝෂණය සඳහා කොළඹ නගරයෙන් වෙන් කර තිබූ ක්‍රීඩාංගණ 5ක් කොළඹ මහ නගර සභාව විසින් අවලංගු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (04දා) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රීවරුන් විසින් අගෝස්තු මුල් සති දෙකේදී මුදල් ගෙවා වෙන් කර තිබූ මෙම ක්‍රීඩාංගණ ලබාදිය නොහැකි බවට කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය හා නාගරික කොමසාරිස්වරයා අද දිනයේදී දැනුම්දී ඇතැයි  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනබලය උද්ඝෝෂණය පැවැත්වීම සඳහා ගාලු මුවදොර පිටිය,කැම්බල් පිටිය,විහාරමහාදේවි උද්‍යානය,හයිඩ් පිටිය,හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණය මුදල් ගෙවා  වෙන් කරගෙන තිබුණු බවයි.

 



Recommended Articles