එළවළු හා පළතුරු ප්‍රවාහනයට විශේෂ දුම්රිය මැදිරි


එළවළු පලතුරු ඇතුළු ගොවි නිෂ්පාදන තොග ද්‍රව්‍ය ලොරිවලින් ප්‍රවාහනය කිරීමේදී විශාල නාස්තියක් සිදු වෙන බවත් එම ගොවි නිෂ්පාදන ප්‍රවාහනය දුම්රිය මගින් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා විශේෂ දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනට අයත් ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමට අදාළව මහනුවර දිස්ත්‍රික් රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පෙරේදා (27) පැවැති අවස්ථාවේදීය.

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles