එළවළු මිල තවමත් සාමාන්‍ය නෑ


වෙළෙඳ පොළ එළවළු මිල ගණන් තවමත් සාමාන්‍ය මට්ටමට පත්ව නැතැයි වෙළෙඳ පොළ සොයා බැලීම්වලදී වාර්තා විය.

ඒ අනුව කොළඹ මැනිං වෙළෙඳ පොළේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 300 - 330ත් අතර, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 220 - 320 අතර සහ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 120 - 140 අතර පවතී.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 300 - 360 අතරත්, ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 270 - 300 අතරත්, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 270 - 275 අතරත් පවතින බවටද වාර්තා විය.

දිනේෂ් සමරකෝන්

 



Recommended Articles