එළවළු මිල ඉහළට


දිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණ එලවළු මිල ගණන්ද අද (29දා) පෙරවරුවේ විශාල වශයෙන් ඉහළ ගොස් පැවතිනි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අවමවීමත් ලැබෙන එළවළු  නිසි ප්‍රමිතියකින් තොර වීමත් හේතුවෙන් ඉල්ලුම වැඩිවී මෙයාකාරයෙන් මිල ඉහළ යෑම සිදුව ගොස් තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග මිල (කිලෝව)

අමුමිරිස් - රුපියල් 250

කරවිල - රුපියල් 250

මාලුමිරිස් - රුපියල් 300

කැරට් - රුපියල් 260

ගෝවා - රුපියල් 120

දඹල - රුපියල් 140

බෝංචි - රුපියල් 100

තුඹ කරවිල - රුපියල් 240

මෑකරල් - රුපියල් 140

වම්බටු - රුපියල් 70

නෝකෝල් - රුපියල් 80

 දඹුල්ල කාංචන කුමාර ආරියදාස

 



Recommended Articles