එළඹෙන 74 වන නිදහස් සමරු උලෙළ සංවිධානයට කැබිනට් අනු කමිටුවක්


2022 වසරේ එළඹෙන 74 වැනි නිදහස් සමරු උලෙළ සංවිධානය සහ අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් මෙම අනුකමිටුව පත් කර ඇති බව අදාළ කැබිනට් තීරණයේ දැක්වෙයි.

එම කමිටු සාමාජිකයන්

ජනපති ගෝඨාභය රාජපක්ෂ - සභාපති

අගමැති මහින්ද රාජපක්ෂ

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරීස් 

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ

රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්

සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල

වාර්මාර්ග අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කා​ර

 



Recommended Articles