එස්.ටී.එෆ්. වෙඩි පහරින් සංවිධානාත්මක අපරාධකරුවෙක් මරුට


පොලිස් විශේෂ කාර්ය බළකාය හා සංවිධානාත්මක අපරාධකලින් සාමාජිකයෙක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රී ගණේමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ, නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකිරීමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව තිබේ.

දෙපාර්ශ්වය අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් සැකකරු සහ විශේෂ කාර්යය බළකා නිලධාරියෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී සැකකරු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පසුගිය 09 වන දින ජා-ඇළ, දඬුගම බස්වත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බව වාර්තා වේ.

සැකකරු 28 හැවිරිදි ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු හමුදා සේවයෙන් පළා ආ අයෙකු බව වාර්තා වෙයි.

 



Recommended Articles