එවක අගමැති වූ රනිල්ගේ නිවසට බලෙන් ඇතුළු වූ අයෙක් අල්ලයි


ඉකුත් 2022 වසරේ ජූලි මස 19 දින එවකට අග්‍රාමාත්‍යවරයා ව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පුද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුළුව එහි දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා විශ්‍රාමික සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායක් මගින්  කළුතර දකුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සිද්ධිය වූ දින විරෝධී රැස්වීමක සමාජිකයකු වෙමින් පිරිස සමඟ එම නිවෙසට හා නිවස පිහිටි ඉඩමට අයුතු ලෙස ඇතුළු වී දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසරකට අධික කාලයක් පුරා දීර්ඝ විමර්ශනයක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles