එල්ටීටීඊයට සමාන ලාංඡනයක් නිසා ත්‍රිරෝද රථයක් හා රියදුරු අල්ලයි


ශ්‍රී ලංකා රජය විසින්  තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති එල්ටීටී සංවිධානයේ ලාංඡනයට සමාන ස්ටිකරයක් අලවා ධාවනය කළ ත්‍රී රෝද රථයක් හා එහි රියදුරු අත්ඩංගුවට ගත් බව මාතලේ කන්දෙනුවර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූ පුද්ගලයා වත්තල ජයල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක සේවය කළ පුද්ගලයකු වන අතර ඔහු නිවාඩු ලබාගෙන මාතලේ තම නිවස වෙත පැමිණ සිටියදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.



Recommended Articles