එරෝෆ්ලොට් ගුවන් සේවයේ සහාය ගුවන් නියමුවෙකු හදිසියේ මරුට


රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊ යේ (15දා) රාත්‍රී ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

63 හැවිරිදි මෙම සහාය ගුවන් නියමුවා 06/15 දින රාත්‍රී 10.00 ට පමණ  ඔවුන් නැවතී සිටි කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයේ කානුවකට ඇද තිබේ .

පසුව කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් නියමුවා මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර , එහි සේවය කළ වෛද්‍යවරුන් මොහු පරීක්ෂා කර බලා , මොහු මිය ගොස් ඇති බවට සනාථ කර තිබේ .

මෙම සහාය ගුවන් නියමුවා 06/16 දින දහවල් 12.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව එරොෆ්ලොට් ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේය. කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුරට විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.



Recommended Articles