එයා ඇරබියා අබුඩාබි ලංකාවට අඩු වියදම් ගුවන් ගමනක් ඇරඹීමට යයි


ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාළසටහනකට (Schedule Flights ) අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්  එයා ඇරබියා - අබුඩාබි ( Air Arabia Abu Dhabi ) ගුවන් සේවා සමාගම‌ට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීය.

ඒ සඳහා  මෙම ගුවන් සේවා සමාගම සතු ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව, කාර්යක්ෂම ගුවන් මෙහෙයුම් පවත්වා ගෙන යාම සඳහා එම ගුවන් සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය සහ වැඩපිළිවෙළ පිළිබඳව ඉහළ අවධානයට ලක් කර ඇති අතර ඒ සදහා ගුවන් සේවා සමාගම සතු භෞතික සම්පත්, නිසි පුහුණුව, සුදුසුකම් සහ අත්දැකීම් ලත් කාර්යය මණ්ඩලය, ගුවන් මෙහෙයුම් සදහා අවශ්‍ය උපාංග හා වෙනත් සේවා සැපයීමේ තාක්ෂණික හා භෞතික හැකියාව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් යානා භූමි මෙහෙයුම් අංශයේ සිවිල් ගුවන් සේවා පරීක්ෂකවරුන් සිය අවධානය යොමු කර තිබුණි.

මෙම ගුවන් සේවා සමාගම එළඹෙන සැප්තැම්බර් මස මැද භාගයේ සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

 



Recommended Articles