එයා අස්තානා ගුවන් සේවය ගුවන් ගමන් ආරම්භ කරයි


කසකස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින්  , එරට  එයා අස්තානා ( air astana ) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය කසකස්තානයේ   අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට  12/01 දින දහවල්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

 
ගුවන් මගීන් 157 දෙනෙකු රැගෙන එයා අස්තානා ගුවන් සේවයේ කේ.සී.- 167 දරන මෙම  ගුවන් යානය කසකස්තානයේ අල්මාආටා ගුවන් තොටුපළේ සිට 12/01 දින දහවල් 11.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
 
මෙම පළමු මංගල ගුවන් ගමන සදහා , එම ගුවන් සේවය සතු ගුවන් යානා 35 අතරින් , ඒ.321- 271එන්.එක්ස්.
වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබුණි .
 
මෙම ගුවන් සේවයේ ගුවන් යානා සතියකට දින 03 ක් , එනම් අගහරුවාදා , බදාදා සහ සිකුරාදා දින වල කසකස්තානයේ අල්මාආටා සිට දහවල් 11.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , යළි ආපසු දහවල් 12.30 ට කසකස්තානය බලා පිටත්ව යෑමට නියමිත අතර , මේ සදහා පැය 06 විනාඩි 20 ක පියාසර  කාළයක් ගත වන බවද එම ගුවන් සේවා නිලධාරීන් පැවසූහ .
 
කසකස්තානය රන් , රිදී , ඛනිජ  තෙල් , ගෑස් ,ගල් අඟුරු වලින් පොහොසත් රටක් වන අතර , ආනයන මෙන් දෙතුන් ගුණයක් අපනයන වලින් ආදායම් ලබන රටක් බවත් , එරට සමස්ථ ජනගහනය මිලියන 18.85 ක් බවත් , ඔවුන් අතරින් පසුගිය වසරේ මිලියන 10.70 ක් විදේශ සංචාර සදහා පිටත්ව ගොස් තිබූ බවත් , මෙම එයා අස්තානා ගුවන් සේවයේ උප සසභාපති චමීන්ද්‍ර  ලේනව මහතා , මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා ගුවන් තොටුපළ පැමිණීමේ මගී පර්යන්තයේ පැවති උත්සවයේ දී පැවසීය .
 
මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ රෙහාන් වන්නිඅප්පා , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.
චන්ද්‍රසිරි , එම සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි , එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ෂෙහාන් සූරියආරච්චි , අරුණ වරුෂහැන්දිගේ , උපුල් මංචනායක , ඩියඩ්‍රි ඩී . ලිවේරා    එයා අස්තානා ගුවන් සේවයේ උප සභාපතිවරුන්  වන චමීන්ද්‍ර ලේනව ,
බෙල්ලා ටොමිෂෙවා , මෙම ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත ලංකා ස්පෝට්ස් රයිසන් සමාගමේ සභාපති තිලක් වීරසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ .


Recommended Articles