එප්පාවල විවිධ සේවා සමූපකාර නිළවරණය බලය හෙබවු මාලිමාව පරාජයට පත් කරමින්, පොදු විපක්ෂය ජයග්රහණය කරයි.
ෙමහ සභානියෝජිතයින් 113 දෙනාගෙන් 59 දෙනෙකුම ඒකාබද්ධ විපක්ෂය විසින් ජයග්රහණය කර ගෙන බහුතර බලයක් ලබා ගෙන ඇති අතර මාලිමාව නියෝජිතයින් 53 ක් ලබා ගනිමින් පරාජයට පත්විය.
"එප්පාවල විවිධ සේවා සමුපකාර සමිතියේ"
මහා සභා නියෝජිතයින් 113 කු පත්කර ගැනීමේ නිළවරණය එප්පාවල සමූපකාරයට අයත් ප්රාදේශික 13 හිම ඊයේ (12) උදෑසන 9.00 ට සාමාජික මහත්ම මහත්මීන් නිළවරණය වෙනුවෙන් ලියාපදිංචි කර ගැනීමෙන් අනතුරුව ඉතා උණුසුම් මුහුණුවරකින් ඡන්ද කටයුතු පැවැත්විණි.
පසුගිය සමූපකාර නිළවරණයන්ට වඩා සාමාජික මහත්ම මහත්මීන් දැඩි උද්යෝගයකින් යුතුව ඡන්දය ප්රකාශ කිරීමට පැමිණෙන අයුරු දැක ගත හැකි වූ අතර, මෙවර සමූපකාරයේ බලය හොබවන මාලිමාව එක් කණ්ඩායමක් ලෙසත්, සෙසු පක්ෂ සියල්ල ( සමඟි ජන බලවේගය, ශ්රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය)එක්ව ඒකාබද්ධ විපක්ෂය ලෙසත් සියලු ප්රාදේශිකයන්හී මැතිවරණයට තරඟ කළහ.
ඡන්දය පැවැත්වුන ප්රාදේශික බලප්රදේශ අනුව

