එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව


කොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක එන්නත්කරණය අද දිනයේ ද මධ්‍යස්ථාන 416 ක දී සිදු කෙරෙනවා.

වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ අය සදහා එන්නත්කරණය බස්නාහිර පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මකයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 28 ක දී ඔවුන් සදහා එන්නත්කරණය සිදු කෙරෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 30  ක දී මෙන්ම  කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 38 ක දී ද එන්නත්කරණය ක්‍රියාත්මකයි.

 



Recommended Articles