එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂම කිරීම​ට ජංගම එන්නත්කරණ රථ


රජයේ එන්නත්කරණ වැඩසටහන තවත් කාර්යක්ෂම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ රථ යෙදවීමට හෙට(12) සිට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කණ්ඩායම් සහිත ජංගම එන්නත්කරණ රථ 10ක් යෙදවීමට නියමිත බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles