එන්නත්කරණ වැඩසටහන අද දිස්ත්‍රික්ක 14ක


එන්නත්කරණ වැඩසටහන අද දිනයේද දිස්ත්‍රික්ක 14 ක ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 60,697 දෙනෙකු සදහා කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 54 දෙනෙකුටත්, සියනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 26,187 දෙනෙකුටත් ඊයේ දිනයේ ලබාදී තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 32,732 දෙනෙකු ලබාගෙන තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1,734 දෙනෙකු ඊයේ දිනයේදී ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

 



Recommended Articles