එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයට පමණක් බස්රථ සේවා?


කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට පමණක් මගී බස්රථ සේවා සැපයීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව සම්පූර්ණ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් සඳහා කඩිනමින් තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසත් ඒ මඟින් පළාත් අතර බස් රථ ධාවනය ද සිදු කිරීමට ඉඩ සැලසෙන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියේය.



Recommended Articles