එන්නත් නොගෙන කාඩ්පත ලකුණු කරගැනිමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට


ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ එන්නත් මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබාගත් බවට කාඩ්පතේ සලකුණු කරවාගෙන එන්නත ලබා නොගෙන පිටව යාමට උත්සාහ කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල ඇතිලිගොඩ සහ කෝන්ගහ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් එන්නත් මධ්‍යස්ථානයට පැමිණ කාඩ්පත පමණක් ලකුණු කරවාගෙන පිටව යමින් සිටියදි එහි සිටි සෞඛ්‍ය නිලධාරින් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින්ට දන්වා තිබේ.

අනතුරුවයි පොලීසිය ඔවුන් රඳවාගෙන පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ



Recommended Articles