එනවා කියපු ගැසට්ටුව තවමත් නෑ


අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම අධෛර්යමත් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් ඊයේ (02දා) රාත්‍රී නිකුත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ කොළඹදී පැවැති සමුළුවකදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම ගැසට් නිවේදනය මේ දක්වා නිකුත්ව නොමැත. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකාවේ පවතින සීමිත විදෙස් සංචිත ප්‍රමාණය අත්‍යාවශ්‍ය දෑ ගෙන්වීම වෙනුවෙන් භාවිත කිරීම සඳහා මෙසේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට අවධානය යොමුව තිබේ.



Recommended Articles