එජාපයෙන් සජබයට ගිය අයට පැනවූ තහනම් ඉවත් කරයි


එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් පුද්ගලයන්ට පනවා තිබූ  තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

එක්සත් ජතිතක පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණය කර තිබේ.



Recommended Articles