එජාපය කියන්නේ තවත් වසර 100යක් පවතින පක්ෂයක් - නවීන්


එක්සත් ජාතික පක්ෂය තවත් වසර සියයක් පමණ මෙරට තුළ  පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියාසිටියේ අද  (09) දින නුවරඑළිය ප්‍රදෙශයේ පැවති මාධ්‍ය  සාකච්ඡාවකට එක්වෙමිණි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදි වැඩිදුරටත් අදහස් දැක්වු නවින් දිසානායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සන්නාමය රැකගැනිමට පක්ෂය දැඩිව කටයුතු කරන බවත්,එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් දේශපාලන පක්ෂ වලට ගිය අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව නවින් දිසානායක මහතා කියාසිටියේය.

ජාතික සමගි ජන බලවේගයේ ඉතා අවාසනාවන්ත පක්ෂයක් බවත් , එම පක්ෂයට ගිය විශාල පිරිසක් යලිත් එක්සත් ජාතික පක්ෂය  සමග එක්වන බව නවින් දිසානායක මහතා මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් කියා සිටියේය.




Recommended Articles