එජාප සන්ධානයේ නම හා ලකුණ තවදුරටත් ප්‍රමාද වෙයි


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ නම හා ලාංඡනය ප්‍රකාශ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් නව සන්ධානයේ නම හා ලකුණ පසුගිය සිකුරාදා (31දා) ට පෙර ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.

 



Recommended Articles