එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අගමැතිගේ රැස්වීමට යයි


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස අගමැතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා'අද'  ට පැවසීය.

එම සාකච්ඡාවේදී පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලීමක් කරන බවත්, ජනතාවට රුපියල් 5000 දීමනාව  ලබාදීමේදී හා සහන ලබාදීමේ දී සිදු වූ අක්‍රමිකතා ගැන ද සාකච්ඡා කරන බවත් කාරියවසම් මහතා සඳහන් කළේය. 
 
එමෙන්ම අරලිය ගහ මන්දිරයේ දී සාකච්ඡා කරනු ලබන කාරණා පිළිබඳව ඒ සඳහා සහභාගී වන මන්ත්‍රී කණ්ඩායම හෙට (03) රැස්වී වැඩිදුරටත් සාකච්ඡා කරන බව ද කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.


Recommended Articles