එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ගැන තවම තීරණයක් නෑ


එක්සත් ජාතක පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් පක්ෂය විසින් තවමත් තීරණයක් ගෙන නොමැති බව එජාප නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පත්කර ඇති බවට අද උදෑසන පටන් සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්බන්ධව 'අද' රුවන් විජයවර්ධන මහතාගෙන් කළ විමසීමේදී ඔහු මේ බව පැවැසීය.



Recommended Articles