එජා මානව හිමිකම් මහ කොමසාරිස් එයි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ  මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ( Volker Turk ) මහතා සිව් දින නිල සංචාරයක් සදහා 06/23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
                      
ඔහු සමග දූත පිරිස ලෙස තවත් එක් අයෙකු ද පැමිණ සිටියේය. වසර 09 කට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු මෙරටට පැමිණීම විශේෂත්වයකි.

ඔවුන් 06/23 දින පස්වරු 05.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.



Recommended Articles