එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මව් සමාගමට ඩොලර් බිලියනක වන්දි ගෙවන්න නියෝග


‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේදී ගිනි ගැනීමෙන් ධීවරයින්ට සහ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් ගෙවීමට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මව් සමාගමට නියෝග කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිද්ධියෙන් සමුද්‍රිය පරිසර පද්ධතියට හා ධීවර ප්‍රජාවට සිදුවූ හානියට එවකට විෂය භාරව කටයුතු කළ අමාත්‍යවරයා, සමුද්‍රිය පරිසර සංරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරිය සහ නීතිපතිවරයා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයිද අද (24) තීන්දු කළේය.

වසරක් කාලයක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවීමට සිද්ධියට ඍජුවම වගකිවයුතු නෞකාවේ මව් සමාගමට නියෝග කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිද්ධියෙන් සමුද්‍රිය පරිසර පද්ධතියට හා ධීවර ප්‍රජාවට සිදුවූ හානිය හේතූවෙන් නීතිපතිවරයාට අමතරව රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන ලද්දේ එවකට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නාලක ගොඩහේවා, සමුද්‍රිය පරිසර සංරක්ෂණ අධිකාරිය සභාපති වශයෙන් කටයුතු කළ නීතිඥ දර්ශනී ලහදපුර යන මහත්ම මහත්මීන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත නීතිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන කරන ලෙස රහස් පොලිස් අධ්‍යක්ෂකවරයාටද සිද්ධියට අදාළව වැඩිදුරටත් විමර්ශනය කර වගකිවයුත්තන්ට අපරාධ චෝදනා ගොනුකරන ලෙස නීතිපතිවරයාටද අ`ථතින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාටද නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිද්ධියට අදාළව කරන විමර්ශන පිළිබඳ ප්‍රගතිය සෑම මාස තුනකටම වරක් අධිකරණයට වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේදී ගිනි ගැනීමෙන් ධීවරයින්ට සහ පරිසරයට සිදු වූ  හානියට වන්දි දෙන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ඇතු`ථ පිරිසක් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ග්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයින් වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු, වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර්, සරත් ප්‍රනාන්දු සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා, ජේ. ජෙගතීෂ්වරන්, පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් මෙම පෙත්සම් ගොනුකොට ඇත.

පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පරිසර ඇමතිවරයා, වෙරළ සංරක්ෂණ ඇමති නාලක ගොඩහේවා මහතා, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී. කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 12 දෙනෙකු නම් කර ඇත.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේදී ගිනි ගැනීමෙන් ධීවරයින්ට සහ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පුරා දින 30ක කාලයක් විභාගයට ගනු ලැබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ප්‍රකාශයට පත් කළ තීන්දුව පිටු 361 කින් සමන්විතය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේදී ග්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලද තින්දුවේ මෙසේ සඳහන් වේ.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේදී ගිනි ගැනීම හේතුවෙන් ලංකාවේ සමුද්‍රිය පරිසර පද්ධතියට සහ ධීවර ප්‍රජාවට බලවත් හානි සිදුවු බව ලදැයි සඳහන් කරමින් ඊට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් සුදුසු වන්දි අයකර දෙන ලෙසත් ඉල්ලා පෙතසම්කරුවන් මෙම පෙත්සම් ගොනු කර ඇත.

අදාළ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේ ගිනි ගැනීම මෙරට සමුද්‍රීය ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකයයි” ඒ හේතුවෙන් සමුද්ධීය ප්‍රජාවට තවමත් විශාල වශයෙන් හානි සිදුවෙමින් පවතී.

මෙම දරුණු ඛේදවාචකය සම්බන්ධයෙන් වු සිද්ධියට අදාළව දින 30ක කාලයක් පුරා දීර්ඝ වශයෙන් දෙපාර්ශවයේ කරුණු විමර්ශනය කිරීමේදී මෙම සිද්ධියට ගිනි ගැනීමට ලක්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා” එම නෞකාව අයත් මව් සමාගම සහ මෙරට නියෝජිතවරයා. ඒවකට වෙරළ සංරක්ෂණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නාලක ගොඩහේවා මහතා” සමුද්ධීය පරිසර සංරක්ෂණ සහ දුෂණ වැළැක්වීමේ අධිකාරියේ සභාපතිනිය වශයෙන් එවක කටයුතු කළ දර්ශනී ලහඳපුර සහ නීතිපතිවරයා සෘජුවම වගකිවයුතු බව අනාවරණය වු බව සඳහන් කළේය.

නෞකාවේ කන්ටේනර් වලට අලාභ හානි සිදුවී ඇති බවත් ඉන් යම් යම් ආම්ලික ද්‍රව්‍ය කාන්දු වන බවත් දැන දැනම ඒ පිළිබඳ කිසිදු තොරතුරක් බලධාරීන්ට හෙළි නොකිරීම හේතූවෙන් ගිනි ගැනීමට ගක්වු නෞකාවේ කාර්ය මණ්ඩලය සිද්ධියට සෘජුවම වගකිව යුතු යැයිද මෙම සිද්ධිය වන අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නාලක ගොඩහේවා මහතා සිය ව්‍යවස්ථාවපිත යුතුකම් පැහැර හැර ඇතැයිද මෙම සිද්ධියෙන් පරිසර දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය නිසි පියවර එවක සමුද්‍රිය පාරිසරික සංරක්ෂණ අධිකාරීයේ සභාපතිවරිය වශයෙන් කටයුතු කළ නීතිඥ දර්ශනි ලහදපුර මහත්මිය නිසි වෙලාවේදී ගෙන නොමැති යැයිද තීන්දු කළ විනිසුරු මඩුල්ල සමුද්‍රිය පාරිසරික සංරක්ෂණ අධිකාරීයේ සභාපතිවරිය අඩුම තරමින් අධ්‍යක්ෂක මණ්ඩලය රැස්කර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවද සඳහන් කළේය.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේදී ගිනි ගැනීම හේතුවෙන් ලංකාවේ සමුද්‍රිය පරිසර පද්ධතියට සහ ධීවර ප්‍රජාවට සිදුවු මුල්‍යමය හානියට නෞකාවේ කපිතාන්වරයා” නෞකා සමාගම සහ දේශිය නියෝජිත ආයතනය සෘජුවම වගකිය යුතු යැයිද ඔවුන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩකර ඇතැයිද තීරණය කළ විනිසුරු මඩුල්ල සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු නොකිරීමෙන්ද මෙරට මහාධිකරණයේ නඩු නොපවරවා සිංගප්පූරු අධිකරණයක සිවිල් නඩුවක් පැවරීමෙන්ද නීතිපතිවරයා මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයිද සඳහන් කර ඇත.

ඒ අනුව වසරක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන එකක වන්දි මුදලක් භාණ්ඩාගාර ලේකම්වරයා ගෙවීමට ගිනි ගෙන විනාශයට පත්වු ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ දේශීය සමාගමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි මුල් වාරිකය සැප්තැම්බර් 25 වැනිදා හෝ ඊට පෙර ගෙවීමට නියෝග කළේය.

වන්දි සම්බන්ධයෙන් කටයුතු කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වන්දි කමිටුවක් පිහිටුවන ලෙසද ඊට අමතරව පරිසරයට සිදුවූ හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පිහිටීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු නිතිපතිවරගෙන් අයකර ගැනීමට හැකි බව පෙත්සම්කරුවන්ට දැනුම් දුන්නේය.

අදාළ නියෝගයන් නිසියාකාරව ක්‍රියාත්මක කර ඇද්ද යන්න නඩුව සැප්තැම්බර් 25 වැනිදා යළි කැඳවීමටද ශ්‍රෂ්ඨාධිකරණයේ වැඩිදුරටත් නියෝග කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත හිමාලි කුලරත්න” නිල්ශාන්ත සිරිමාන්න” සේනානි දයාරත්න සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

වගඋත්තරකාර සමාගම් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රෝමේෂ් ද සිල්වා සහ හර්ෂ අමරසේකර යන මහත්මරු පෙනී සිටියහ. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් වන නයෝමි කහවිට” මාධව තෙන්නකෝන් සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරීන් පුල්ලේ යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.



Recommended Articles