එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිඩාවට පත් කොළඹ ධිවරයින්ට වන්දි ගෙවිම ඇරඹේ


ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් හානියට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවරයින්ට පළමු අදියරේ වන්දි මුදල් ප්‍රදානය අද (23) සිදු කෙරුණි.

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර රැකියාව කර ගැනීමට නොහැකිව අපහසුතාවට පත්වී සිටින ධීවරයින් වෙනුවෙන් මෙම වන්දි මුදල් ලබාදීම සිදුකර තිබේ.

ඒ අනුව කොරලවැල්ල දකුණ ප්‍රදේශයේ පදිංචි ධීවරයින් 21 දෙනෙකු සඳහා වන්දි මුදල් ප්‍රදානය කෙරුණු අතර මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ධීවරයින් 1,171 දෙනෙකු වන්දි මුදල් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටී.

 



Recommended Articles