එක්සත් රාජධානියේ සිරවි සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට රැගෙන එයි


දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය අද (19)  දින දහවල් 12.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ අවසර ලබා ගෙන තිබේ .

අද  දින අලුයම 4.00 සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝග මත ගුවන් තොටුපළ වෙත  පැමිණෙන ගුවන් මගීන් සදහා වසා දමා තිබේ .



Recommended Articles