එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට අත් බෝම්බ ප්‍රහාරයක්


කඩවත ප්‍රෙද්ශයේ ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද 26 අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එම බෝම්බය පිපිරි නොමැති අතර සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 පක්ෂ කාර්යාලය ඉදිරියේ ඇති මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයේ කොපුව හමුවී තිබූ අතර එම අත් බෝම්බය පක්ෂ කාර්යාලය තුළ තිබියදී සොයාගෙන තිබේ. මෙම අත් බෝම්බය විදේශ රටක නිශ්පාදිත එකක් බවයි සැක පල කරන්නෙ.

සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

 



Recommended Articles