එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය සයීඩ් බින් මුබාරක් අල් හජේරි මහතා අද (04) ශ්‍රී ලංකාවට පැමිණියේය.
අද පස්වරුවේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඒකාබද්ධ කොමිසමේ දෙවන සැසිවාරයේ සම-සභාපතිත්වය දැරීම වෙනුවෙන් ඔහු මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සම සභාපතිත්වය දරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැද පෙරදිග ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වෙළඳ හවුල්කරුවන්ගෙන් එකක් වන අතර 2024 දී ශ්‍රී ලංකාවේ 7 වන විශාලතම අපනයන ගමනාන්තය ලෙස ශ්‍රේණිගත කර ඇත. මැද පෙරදිග තනි රටක සිටින විශාලතම ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවට ද එය සත්කාරකත්වය සපයයි.
සංචාරයක යෙදෙන රාජ්‍ය අමාත්‍යවරයා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත අතර වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හමුවීමට ද නියමිතය.

