එක්නැලිගොඩ නඩුවට අදාළ සාක්ෂිකරුවන් අධිකරණයට කැඳවන්නැයි නියෝග


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ජුනි මස 09 වනදා යළි ඇරඹීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියමකර තිබේ.

එම නඩුව අද (19) ගිහාන් කුලතුංග, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේ පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුවේ සාක්ෂි විභාගය නැවත ජුනි මස 09 වනදා ආරම්භ කිරීමට නියෝග කර තිබේ

 



Recommended Articles